Sunday, January 18, 2026
Follow Us
මේ රජයට වැඩපිළිවෙලකුත් නෑ, මේ අය මූලික ආර්ථික ප්‍රතිපත්ති දන්නෙත් නෑ - සජිත්

වත්මන් රජයට මූලික ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ දැනුමක් හෝ ආර්ථිකය සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් නොමැති බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

"පොහොට්ටුවේ අය වගේ බොරුවට ගෝනි බිල්ලෝ මවන කෙනෙක් නෙවෙයි මම.

කොරෝනා නිසා ඇතිවන ජාත්‍යන්තර අභියෝගය ගැන වර්තමාන රජයට කිසිම සැලැස්මක් නෑ. වත්මන් රජයට ආර්ථිකයට මුහුණ දීමට කිසිම වැඩපිළිවෙලක් නෑ. මූලික ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ දැනුමකුත් නෑ.

ඒ නිසා තමයි මේ රජය විකෘති ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නේ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (07) රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

(LNW)