Wednesday, July 16, 2025
Follow Us
ටී.එන්.ඒ. සජිත්ට පිටුපායි

මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයට සහයෝගය ලබාදෙන ලෙසට කළ ඉල්ලීමක් දෙමළ ජාතික සන්ධානය ප්‍රතික්ෂේප කර ඇත.

උතුරු නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්කවලට සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයකට එක්ව තරග කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයට සමගි ජන බලවේගය ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

එහිදී දෙමළ ජාතික සන්ධානය පෙන්වා දී ඇත්තේ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සතුව කිසිදු විසඳුමක් නොමැති බවයි.

ජනාධිපතිවරණයට පෙර යාපනයේදී සහ කොළඹදී හිටපු විපක්ෂ නායකවරයා සමග සාකච්ඡා පැවැත්වූ අතර එහිදී මේ පිළිබඳව හොඳින් පැහැදිලි වූ බව දෙමළ ජාතික සන්ධානය අවධාරණය කර සිටියි.

කෙසේ වෙතත් මෙවර මහ මැතිවරණයේදී උතුරු නැගෙනහිර ආගම් පදනම් කරගනිමින්ද ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කර තිබේ. මන්නාරම ප්‍ර‍ද්ශයේ පසුගිය බදාදා (04දා) බෙදාහැර තිබූ පත්‍රිකාවකින් ඒ බව පැහැදිලි වන බවද වාර්තා වෙයි.

(Aruna)