Wednesday, July 16, 2025
Follow Us
වෙල්ගම සමගි ජනබලවේගයට එක්කර ගැනීමට ඉමිතියාස්ගේ නිවසේදී සාකච්ඡාවක්

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම සහ සමගි ජනබලවේගයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඉකුත් දා පවත්වා තිබෙනවා.

හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකර්ගේ කොළඹ පිහිටි නිවසේදී එම සාකච්ඡාව පවත්වා ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

සමගි ජනබලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර සහ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉරාන් වික‍්‍රමරත්න ද එම සාකච්ඡාවට එක්ව තිබෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගමගේ නායකත්වයෙන් නව ලංකා නිදහස් පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් ඊයේ පිහිටුවා ගත්තා.

ඒ අනුව එම දේශපාලන පක්ෂය සමගි ජනබලවේගයට එක්කර ගැනීම සම්බන්ධයෙන් අදාළ සාකච්ඡාව පවත්වා ඇති බවයි වැඩිදුරටත් අනාවරණ වුණේ. හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම, සමගි ජනබලවේගයෙන් කළුතර දිස්ති‍්‍රක්කයට තරග කිරීමට නියමිත බව ද වාර්තා වනවා.

මේ අතර ඊයේ නව පක්ෂය පිහිටුවීමේ අවස්ථාවේදී හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම පැවසුවේ ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ සියලූදෙනා එක්ව කටයුතු කළ යුතු බවයි.

(Neth)