Wednesday, July 16, 2025
Follow Us
ජාතික ලැයිස්තුවෙන් එන්නැයි ශ්‍රීලනිප ප්‍රබලයන් මෛත්‍රීගෙන් ඉල්ලන්න යයි

ඉදිරි මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග නොකර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වන්නැයි ශ්‍රීලනිප ප්‍රබලයන් පිරිසක් හිටපු ජනාධිපතිවරයාට යෝජනා කිරීමට සූදානම් වෙනවා. ඒ සඳහා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරීමට ද ඔවුන් බලාපොරොත්තුවෙන් සිටිනවා.

මීට හේතුව වී ඇත්තේ හිටපු ජනාධිපතිවරයා සිදුකරන ඇතැම් ප්‍රකාශ ශ්‍රීලනිප-පොහොට්ටු සන්ධානයේ සමගිය සඳහා අහිතකර ලෙස බලපානු ඇතැයි ශ්‍රීලනිප නායකයන් තීරණය කිරීමයි.

විශේෂයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායක රොෂාන් රණසිංහ මහතා සහ හිටපු ජනාධිපතිවරයා අතර දැඩි මත ගැටුමක් පැවති අතර එය දැන් එළිපිටම එකිනෙකාට චෝදනා කර ගන්නා මට්ටමට පැමිණ තිබේ.

ඔහුගේ ප්‍රකාශ හරහා ශ්‍රීලනිප අපේක්ෂකයන් සියලු දෙනා ‍ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමේ අවදානමක් මතුව තිබෙන බවයි ඔවුන් ගණන් බලා තිබෙන්නේ.

(LNW)