Wednesday, July 16, 2025
Follow Us
නායකත්ව බලතල කරුට දෙන්න රනිල් එකඟ වෙයි

මහ මැතිවරණය මෙහෙයවීම සඳහා නායකත්වය සතු බලතල හිටපු කථානායක කරු ජයසූරියට ලබාදීමට එක්සත් ​ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එකඟ වී ඇත.

ඒ පිළිබඳව සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් විසින් හිටපු කථානායකවරයාට ලිපියක් යොමු කිරීමට සූදානම් කර තිබේ. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඩුබායි සංචාරය නිමවා ඊයේ (5 වැනිදා) රාත්‍රියේ යළි දිවයිනට පැමිණීමට නියමිතව තිබිණි. පක්ෂ නායකත්වයේ අධීක්ෂණයෙන් පසු මෙම ලිපිය යොමු කිරීමට නියමිතය. කෙසේ වෙතත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ හිටපු කථානායක කරු ජයසූරිය අතර සාකච්ඡාවක්ද අද (6වැනිදා) පැවැත්වීමට නියමිතව ඇත. හිටපු කථානායකවරයාට බලතල ලබාදීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවීමට නියමිතය. සමගි බලවේගය සඳහා හංසයා ලකුණ ලබාදීමට ද එම පක්ෂය තීරණය කර තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන දොස්තර රාජිත සේනාරත්න, රන්ජිත් මද්දුම බණ්ඩාර සහ රවි කරුණානායක අතර ඊයේ (5 වැනිදා) දහවල් හංසයා ලකුණ ලබා ගැනීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබේ.

(Aruna)