නිවෙස්වල සිටින සියලුම ළමයින්ගෙන් රැකියා ඉල්ලුම්පත්‍ර ගත් පමණින් හෙට උදේට හෝ මැතිවරණයෙන් පසු රැකියා දීමට කිසිවෙකුටත් නොහැකි බවත් ඊට රැකියා නිර්මාණය කරන සැලසුම් අවශ්‍ය බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
"ඔක්කොම දන්නවා ඒ තිබුණු ආණ්ඩුවත් එක්ක මගේ තිබුණු ගැටුම් එක්ක මං කරන දේවල් කරන්න මට ඉඩ දුන්නෙ නෑ. මේ අලුත් ආණ්ඩුවත් එක්ක හරි ඒ දේවල් කරන්නයි මං බලාපොරොත්තු වෙන්නෙ තමුන්නාන්සෙලා වෙනුවෙන්.
ගෙවල්වල ඉන්න ළමයින්ගෙ ඔක්කෝම රක්ෂා ඇප්ලිකේශන් අරගෙන හෙට උදේට නැත්නම් ඡන්දෙන් පස්සෙ රස්සාවල් දෙන්න පුළුවන්ද ? කාටද එහෙම දෙන්න පුළුවන් ? ගොන් මෝඩයෙක්නෙ එහෙම කියනවා නම් ඒක පුළුවන් කියන්නෙ. එහෙම බැහැ ! මේවා නිර්මාණය වෙන්න ඕනෙ. සැලසුම් වෙන්න ඕනෑ.
රෑ 10 වෙනකොට නිදාගත්තාට කමක් නෑ, කීදෙනෙක් පාන්දර 5 වෙනකොට නැගිටිනවාද ? මං ජනාධිපති කාලෙ උදේ හයට හයහමාරට මං ඇමතිවරුන්ට කතා කරනවා පත්තරේ එහෙම බලලා සමහර ප්‍රශ්න තිබුණාම. කොහෙද, එකෙක්වත් නෑ ටෙලිෆෝන් එකේ. බුදි. අටට අටහමාරට තමා නැගිටින්නෙ. මෙහෙම රටක් ගොඩනඟන්න දෙමව්පියනි, දරුවනි බැහැ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (05) පොලොන්නරුව ප්‍රදේශයේ පැවති වැඩසටහනක් අමතමිනි.
(LNW)