Wednesday, July 16, 2025
Follow Us
කබීර්-රිෂාඩ් ත්‍රස්ත්‍ සංවිධානයක් සමග හවුල් – පාස්කු කොමිසමේදී හෙළිවෙයි

හිටපු කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකු වන රිෂාඩ් බදියුද්දීන් සහ කබීර් හෂීම් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක් වන ​ෆෙටෝ හි මෙරට ව්‍යාපාරවලට සම්බන්ධ බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේදී ඊයේ (5 වැනිදා) අනාවරණය විය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත සේනානායක සහ විදේශ සබඳතා අමාත්‍යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රියානි ධම්මිකා කුමාරි ඊයේ (5 වැනිදා) මෙම කොමිසම හමුවේදී සාක්ෂි ලබා දුන්නේය.

එහිදී කොමිසම සිදුකරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් දෙදෙනාම සාක්ෂි ලබා දෙමින් කියා සිටියේ තුර්කි ත්‍රස්ත සංවිධානයක් මෙරට ව්‍යාපාර පවත්වාගෙන ගිය බවත් ඒ සඳහා හිටපු කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකු වන රිෂාඩ් බදියුද්දීන් සහ කබීර් හෂීම් සම්බන්ධ වී කටයුතු කළ බවත්ය. මෙම ව්‍යාපාර සඳහා වැඩි ආයෝජනයක් රිෂාඩ් බදියුද්දීන් හිටපු ඇමැතිවරයා යොදවා ඇති බවද කොමිසම හමුවේදී හෙළිවිය.

Aruna