පසුගිය ජනාධිපතිවරණයේදී මාසයක් ඇතුළත උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදෙන බව පොරොන්දු වූ වත්මන් ආණ්ඩුව අවස්ථා තුනකදී උපාධිධාරීන් රැවටීමට ලක්කර ඇති බවත්, ජනාධිපතිවරණයේදී ඔවුන් කඩේ යැවූ පුද්ගලයන් නැවතත් මහ මැතිවරණයේදීද ඔවුන්ව කඩේ යැවීමට උත්සාහ කරන බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මාසයක් ඇතුළත උපාධිධාරීන් සියලු දෙනාට රැකියා ලබා දී මාස තුනක් ඇතුළත ඔවුන් සියලු දෙනා ස්ථිර කරන බවට ලබාදුන් පොරොන්දුවට අනුව තමා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළේ නම් මාර්තු 17 වැනිදා වනවිට ඔවුන් ස්ථිර රජයේ සේවකයන් බවට පත්වීමට ඉඩ තිබූ බව ද ප්‍රේමදාස මහතා පවසනවා.
මාර්තු 02 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවන බව දැන දැනම, මැතිවරණ කොමිසම විසින් පත්වීම් අහෝසි කරන බව දැන දැනම පාර්ලිමේන්තුව විසිරවීමේ ගැසට් නිවේදනය අත්සන් කිරීමට දින දෙකකට පෙර කඩිමුඩියේ උපාධිධාරීන්ට පත්වීම් ලිපි යැවීමට කටයුතු කළ වත්මන් ආණ්ඩුව දැන්, සජිත් ප්‍රේමදාස මහතා විසින් මැතිවරණ කොමිසම හරහා පත්වීම් අහෝසි කිරීමට කටයුතු කළ බවට අසත්‍ය ප්‍රචාර සමාජගත කරමින් සිටින බව ද ප්‍රේමදාස මහතා අවධාරණ කරනවා.
(LNW)