Sunday, January 18, 2026
Follow Us
පොහොට්ටුවේ ජාතික ලයිස්තුවට රිංගන්න විශාල ‌පොරයක්…සුදුසුකම් පෙන්වන්න පිරිසක් පෝලිමේ

ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුළත් වීම සදහා ‌මේ වනවිට ප්‍රධාන චරිත කිහිපයක් අතර විශාල සටනක් ඇතිවී තිබෙන බව දැනගන්නට තිබේ.

ඒ අනුව පසුගිය දින කිහිපය පුරාම විශාල පිරිසක් බත්තරමුල්ලේ පිහිටි පක්ෂ කාර්යාලය ‌වෙත පැමිණ ‌පොහොට්ටුවේ ප්‍රධානීන් හමුවී ජාතික ලයිස්තුවට ඇතුළත් වීම සදහා තමන් සතුව ඇති විවිධ සුදුසුකම් ‌පෙන්වා දී ඇති බව වාර්තා ‌වේ.

කෙසේවෙතත් එසේ පැමිණි ‌බොහෝ ‌‌දෙනකුටම ‌ප‌ොහොට්ටුවේ ප්‍රධානීන් දැනුම් දී ඇත්තේ තරග කර පාර්ලිමේන්තුවට පැමිණෙන ‌ලෙසත්, ඒ සදහා නාමයෝජනා ලබා දීමට හැකි බවත්ය.

මේ ආකාරයට විවිධ පුද්ගලයන් ‌පොහොට්ටුවේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට උත්සාහ කළත් එහි ප්‍රධානීන් සැලසුම් කර ඇත්තේ ‌මෙවර ‌දූෂණ ‌චෝදනා රහිත, උගත්, බුද්ධීමත් වෘත්තිකයන් පිරිසක් ජාතික ලයිස්තුවෙන් පාර්ලි‌මේන්තුවට රැගෙන ඒමටය.

(Lanka Leads)