Wednesday, July 16, 2025
Follow Us
වෙල්ගම එන්න හදන අලුත් පක්ෂය ‌මෙන්න

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ‘අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය’ නම් අලුත් පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් වන බව වාර්තා වේ.

එම පක්ෂයේ නායකත්වය තමා දරන බවත් ප්‍රබල දේශපාලඥයන් රැසක් තමා සමග එකතු වීමට සූදානම්ව සිටින බවත් ඔහු විසින් ‘අරුණ’ පුවත්පතට ප්‍රකාශ කර තිබේ.
එසේම, මේ වන විට පක්ෂය පිහිටුවීම සඳහා මූලික කටයුතු සියල්ල අවසන් බවත් එම පක්ෂයේ නිල එළිදැක්වීම නුදුරේදීම සිදු කරන බවත් වැඩිදුරටත් එම පුවත්පත වාර්තා කර ඇත.

අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෙවර අනිවාර්යෙන්ම කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන බව ද කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා සඳහන් කරයි.

(Lanka Leads)