Wednesday, July 16, 2025
Follow Us
කරූට එජාප නායකත්වය දෙනවා නම් අපට සම්මුතියකට එන්න පුළුවන් - රංජිත්

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් කර, කරූ ජයසූරිය මහතා එම තනතුරට පත් කරන්නේ නම් තමන්ට යම් සම්මුතියකට පැමිණීමට හැකියාව පවතින බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

"අපි දැනටමත් සමගි ජන බලවේගයෙන් තරග කරන විත්තිය මැතිවරණ කොමසාරිස් තුමාට දන්වලා තියෙනවා. අපි ඊයේ සමගි ජනබලවේගයේ නාමයෝජනා මණ්ඩලය පත් කළා, අද දවල් ඒ නාමයෝජනා මණ්ඩලය මුණගැහිලා අවශ්‍ය තීරණ අපි ගත්තා.

එක්සත් ජාතික පක්ෂ මහලේකම්තුමාට අයින් වෙන්න කියලා නෑ. රාජිත සේනාරත්න මන්ත්‍රීතුමා කියලා තිබුණා සන්ධානයේ නායකයා ලෙස කරූ ජයසූරිය මැතිතුමා පත් කරන්න අපි එකඟවුණා කියලා, එහෙම නෑ. සන්ධානයේ නායකයා සජිත් ප්‍රේමදාස මහත්මයාමයි. අපි කිව්වෙ කරූ ජයසූරිය මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ නායකයා විදියට පත්වෙනවා නම් අපි ප්‍රශ්නයක් නෑ, අපි සන්ධානගත වෙලා කටයුතු කරන්න සූදානම් කියලා. වෙනත් සාකච්ඡාවක් නෑ. අපි කිව්වෙ එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙනස් වෙලා කරූ ජයසූරිය මහත්මයා නායකත්වයට එනවා නම් අපි යම් සම්මුතියකට එකඟතාවකට එන්න පුළුවන් කියලා.

එතන කතාවුණා කිව්වා එජාපය අපිත් එක්ක හවුල් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්න. සූදානම් සමගිය වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න. එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පැමිණෙන ලෙස අපට දන්වලා තිබ්බා. නමුත් ඒ වෙලාව වෙනකොට අපි සන්ධානයේ නාමයෝජනා මණ්ඩලය රැස්වුණා. ඒ සාකච්ඡාව නිසා අපට ඒකට යන්න බැරිවුණා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (04) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමිනි.

(LNW)