එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා (04) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.
එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ- 655 දරන ගුවන් යානයෙන් රාත්‍රී 10.05 ට ඔහු ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.
ඒ මහතා සිකුරාදා අලුයම් කාලයේ නැවත ලංකාවට පැමිණීමට නියමිතය.
උදෑසන සිටම වික්‍රමසිංහ මහතා ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිත බවට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල රාවයක් පැතිර ගොස් තිබූ අතර ඒ කුමන කරුණක්ද යන්න සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබුණේ නැත.
කෙසේවෙතත් එසේ පැතිර ගිය තවත් කටකතාවකින් කියවුණේ එක්තරා විශේෂ පුද්ගලයකු මුණගැසීම සදහා මෙසේ වික්‍රමසිංහ මහතා ඩුබායි රාජ්‍යය බලා පිටත්ව යන බවකි.
(Lanka Leads)