“එක්සත් ජාතික පක්ෂය සහ ජාතික සමගි ජනබල වේගයේ අර්බුධය මධ්‍යයේ නවතම දේශපාලන සන්ධානයක් පිහිටුවීම සඳහා වන විශේෂ සාකච්ජාවක් මේ වන විට පැවැත්වෙමින් තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රධාන අනුශාසකවරියක් මෙන්ම ජනාධිපතිවරියක් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, කුමාර වෙල්ගම සහ ඉකුත් ජනාධිපතිවරණයට තරග කළ රොහාන් පල්ලෙවත්ත අතර නව සන්ධානය ගොඩ නැගීම සඳහා වන විශේෂ සාකච්ජාව මේ වන විට ආරම්භ වී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතවීමත් සමග මේ වන විට නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයින් මෙන්ම ක්‍රියාකාරින් රැසකට ඉදිරි මහ මැතිවරණයට තරග කිරිමට අපේක්ෂකත්වය හිමිනොවන පසුබිමක් ද ඇතිවී තිබේ.
එම කරුණු සැලකිල්ලට ගනිමින් මෙම ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණට අභියෝගයක් වන පරිදි නව සන්ධානයක් බිහි කිරිමට චන්ද්‍රිකා, කුමාර සහ රොහාන් පල්ලෙවත්ත කටයුතු කරමින් සිටින බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි්.
(Lanka Leads)