Sunday, January 18, 2026
Follow Us
රවී ඇතුළු පිරිසට විදෙස් ගමන් තහනම් : වරෙන්තු පිළිබද නියෝගය මාර්තු 06 වෙනිදා

රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 12 දෙනාට විදෙස් ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝගයක් පනවනු ලැබුවා. ඒ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දිනයේදී අධිකරණයට කරුණු වාර්තා කර සිටි අවස්ථාවේදීය.

2016 මාර්තු මාසයේදී 29 වෙනි දින සිදුවූ බැඳුම්කර වෙන්දේසියේදී පොදු දේපලක් වූ රුපියල් බිලියන 36.98 ක මුහුණත වටිනාකමකින් යුත් භාණ්ඩාගාර බැදුම්කර සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත රවි කරුණානායක, අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන, ජෙෆ්රි ජෝශප් ඇලෝසියස්, රංජන් හුලුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන්, ගාර්දියේ පුංචිහේවා, බුද්ධික සරත්චන්ද්‍ර, එස්. පදුමනාපන් සහ ඉංදික සමන් කුමාර යන අයව අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ නියෝග කර සිටියා.

මෙම පිරිස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කිරිම ගැන තීරණය මාර්තු 06 වෙනිදා ප්‍රකාශයට පත් කරන බවයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දැනුම් දෙනු ලැබුවේ.

(Neth)