Tuesday, July 15, 2025
Follow Us
බැදුම්කරේට මුලින්ම ගත යුත්තේ රනිල්: එහෙම ‌නොකිරීම මටත් ප්‍රශ්නයක් – වාසුගෙන් දෝස් මුරයක්

බැදුම්කර වංචාවට මුලින්ම අත්අඩංගුවට ගත යුත්තේ එහි මහම‌ොළකරු වූ රනිල් වික්‍රමසිංහ මහතා බවත්, ඔහු අත්අඩංගුවට ‌නොගෙන අනෙකුත් පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ‌ලෙස නියෝග කිරීම තමන්ටද ප්‍රශ්නයක් බවත් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි.

මාධ්‍යවේදීන් හමුවේ අදහහස් පළ කරමින් ඒ මහතා කියා සිටියේ අනෙකුත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ප්‍රථම වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත යුතු බවකි.

එසේ ‌නොකොට ‌වෙනත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ප්‍රධාන චරිතය ‌නොමැති නාට්‍යයක් වැනි බවද වාසුදේව නානායක්කාර මහතා සදහන් කර සිටියේය.

(Lanka Leads)