Sunday, January 18, 2026
Follow Us
බළලා මල්ලෙන් එළියට – ආණ්ඩුවේ සන්ධානය ඡන්දෙට එන්නේ පොදුජන පෙරමුණෙන් සහ පොහොට්ටුවේ ලකුණින්

‘‘සන්ධාන හැදුවට ආණ්ඩුවේ පාර්ශව ඡන්දයට එන්නේ පොහොට්ටුව පක්ෂයෙන් සහ ලකුණින් ‘‘ යනුවෙන් බොහෝ දේශපාලන විචාරකයින් විසින් ඉදිරිපත් කළ මත සනාථ කරමින් සන්ධානයේ පක්ෂ මැතිවරණයට ඉදිරිපත්වන්නේ පොදුජන පෙරමුණේ පොහොට්ටුවේ ලකුණ යටතේ බව නිවේදනය කොට ඇත.

ඒ අනුව සන්ධානයේ සියලු පක්ෂ වලට පොදුජන පෙරමුණේ අනසකට යටත්ව ක්‍රියා කිරීමට සිදුවනු ඇත. වාර්තාවන ආකාරයට අදාල පක්ෂ වෙන් වශයෙන් හෝ සන්දානයක් ලෙස පොදු ජන පෙරමුණ සමග ගිවිසුමක් අත්සන්කොට නැත.

ඒ අනුව විපක්ෂය අතර ප්‍රතිපත්තිමය එකගතාවයන් කුමක්දැයි මේ වන තුරු හෙළිදරව් වී නැත.

(Lanka Leads)