Wednesday, July 16, 2025
Follow Us
පොහොට්ටුවට සටනක් දෙන්න හරි හැටි විපක්ෂයක් නෑ

පොදුජන පෙරමුණ සමග මැතිවරණ සටනට මුහුණ දීමට හරි හැටි විපක්ෂයක් අද නැතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින’ට පැවසීය. විපක්ෂය තුළ පවතින අර්බුදවත් විසඳා ගැනීමට ඔවුන්ට නොහැකි බව පැවසූ අග‍්‍රාමාත්‍යවරයා විපක්ෂය ජනතාව ඉදිරියේ කරන ප‍්‍රකාශවලින් ඵලක් නොවන බව ද සඳහන් කළේය.

මෙවර මැතිවරණයේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ වැඩි බහුතරයකින් ජයග‍්‍රහණය ලබා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන බවත් හෙතෙම කීවේය.

අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ වටා අද විශාල වශයෙන් සාමාජිකයන් එක් වෙනවා. හරි හැටි විපක්ෂයක් නැතිකම නිසා යූඇන්පී පාක්ෂිකයෝ අද කලකිරීමෙන් සිටින්නේ.

ඔවුන් බලය තිබුණ කාලේවත් තමන්ගේ පාක්ෂිකයන්ට උදව් කළේ නැහැ.

එක්සත් ජාතික පක්ෂය අද දෙපැත්තට කැඩිලා. හරි හැටි විපක්ෂයක් නැතිව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අපි මෙවර මැතිවරණ සටන කරගෙන යනවා.

(Lanka Leads)