රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකයා ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා සන්ධාන නායකයා ලෙසත් එක්විය යුතු මොහොතක එය කඩාකප්පල් කිරීමට උත්සහ කරන්නේ රාජපක්ෂ පවුලේ වුවමනාව ඉටු කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.
එහෙයින් එම බලවේගයට මුහුණ දීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟි විය යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
සමඟිය රැකගැනීම යනු කිසිවෙකු එළවාදැමීම නොවන බව ද හෙතෙම කියාසිටියි.
එක්සත් ජාතික පක්ෂය පාක්ෂිකයාගේ බූදලයක් වන අතර එය අනාගතය වෙනුවෙන් ආරක්ෂා කර ගත යුතු බවද සමරවීර මහතා පවසයි.
ඒ අනුව මේ මොහොතේ වෙන්වී යාම නොව එක්සත්ව එක්සිත්ව ප්‍රබල සන්ධානයෙන් ඉදිරිපත්වීම විය යුතු බව ඔහු අවධාරණය කරයි.
ජනතාව ජන්දය දෙන්නේ ලකුණට නොව එම ලකුණ නියෝජනය කරන ප්‍රතිපත්තිවලට සහ නියෝජනය කරන පුද්ගලයන්ට බව ද මංගල සමරවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
(LNW)