Wednesday, July 16, 2025
Follow Us
අලියා වෙනත් පක්ෂයකට දෙන්න බැහැ – අකිල

අලියා ලකුණු වෙනත් කිසිදු පක්ෂයකට ලබා දීමේ හැකියාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහලේකම්වරයා පැවසුවේ අලියා ලකුණ යටතේ එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණයට තරග කිරිමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවයි.

පක්ෂයේ ලකුණ වන අලියා ලකුණ වෙනත් පාර්ශවයකට ලබා දීමෙන් ඉදිරියේදී ගැටලු රැසකට මුහුණ දීමට සිදුවනු ඇති බවද අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කලේය.

අලියා ලකුණ යටතේ මහ මැතිවරණයේදී එක්ව කටයුතු කිරිමට එක්වන්නැයි මෙහිදී එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා ආරාධනයක් ද කළා.

සියලු පාර්ශව සමග එක්ව මහ මැතිවරණයට තරග කිරිමට අවසන් මොහොත දක්වා උත්සහ දරන බවයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ.

(Aruna)