හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ප්‍රබල එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් පිරිසක් මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපති සමග අත්වැල් බැඳ ගැනීමට තීරණය කර තිබේ.
මෙම පිරිස හාරසියයකට ආසන්න කණ්ඩායමක් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ ඉදිරි මහ මැතිවරණයේ දී ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාකාරීව සහාය දක්වමින් පොළොන්නරුවට කළ සේවය අගය කරමින් පක්ෂ පාට භේදයකින් තොරව පොළොන්නරුවේ සියලු ජනතාව එකතු කිරීමේ වගකීම එම කණ්ඩායම භාර ගන්නා බවත් පොරොන්දු වී ඇත.
අදාළ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම හට හිටපු ජනාධිපතිතුමන්ගෙන් ද ලැබී ඇත්තේ ඉහළ පිළිගැනීමකි.
(Lanka Leads)