Sunday, January 18, 2026
Follow Us
එජාපයේ පිරිසක් කරූ හමුවෙයි - අගමැති අපේක්ෂක වෙන්නැයි ඉල්ලයි

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් පිරිසක් හිටපු කථානායක කරූ ජයසූරිය මහතා හමුවී විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ඒ, ඉදිරි මහ මැතිවරණයේ මෙහෙයුම් කටයුතු භාරගෙන එක්සත් ජාතික පක්‍ෂයේ අගමැති ධුර අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වන ලෙසයි.

එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, රාජිත සේනාරත්න, රවී කරුණානායක, පාලිත රංගේ බණ්ඩාර සහ දයා ගමගේ යන හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් විසින් මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

ඊට ප‍්‍රතිචාර දක්වමින් කථානායකවරයා සදහන් කර ඇත්තේ තමන් ඒ පිළිබද සලකා බලා පසුව සිය තීරණය දැනුම් දෙන බවයි.

කථානායක නිල නිවසේදී කරු ජයසූරිය මහතා හමුවී එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් පිරිස මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.

(Neth)