ඉදිරි මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය යටතේ තරගවැදීමට නාමයෝජනා ලබාදීම සඳහා අයදුම්පත් කැඳවීමට එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සූදානමින් සිටින බව වාර්තා වේ.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව අද (03) දිනයේ සිට නාමයෝජනා කැඳවීමට කටයුතු කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
මාර්තු 12 වනදා සිට 19 වනදා අතර කාලය තුළ නාමයෝජනා භාරදිය යුතු හෙයින් ඉක්මනින්ම අපේක්ෂකයින් තෝරාගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ ද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙන බවත් වාර්තා විය.
(LNW)