එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට ඉදිරි මහ මැතිවරණයේදී එජාප අලියා ලකුණින් තරග කිරීම ස`දහා නාමයෝජනා දීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.
විපක්ෂ නායකවරයා සමගි ජනබලවේගයේ නායක ලෙස සිටිය ද එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා ගැනීමේ කිසිදු නීතිමය බාධාවක් නැතැයි සිරිකොත ආරංචිමාර්ග සදහන් කරයි.
මෙයට අමතරව එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් පත්ව සිටින සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ද අලියා ලකුණින් මහ මැතිවරණයට තරග කිරීමට ඉඩ සලසන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට දැනුම් දී ඇත.
(Lanka Leads)