සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුර්දීන් සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් ඇරඹි සමග ජන බලවේගයේ ප්‍රධාන චරිතයක් ව ඇති බව වාර්තා වේ.
එහෙත් අද දින පැවති සමග ජන බලවේගයේ ආරම්භක උත්සවයේදී රිෂාඩ් බදුර්දීන් මහතා මාධ්‍ය වෙතින් වසන් කර තැබීමේ උත්සාහයක නිරත වීමට එහි සංවිධායකයන් කටයුතු කළ බව එහි සිටි සැමට දැක ගැනීමට ලැබුණු සුවිශේෂී සිද්ධියකි.
එසේ කරන ලද්දේ කුමන හේතුවක් නිසාදැයි අප කළ විමසුමකදී දැන ගැනීමට ලැබුණේ බදුර්දීන් මහතාට හට පාස්කු ප්‍රහාරය සම්බන්ධයනේ චෝදනා එල්ල වී ඇති බවත් ඒ නිසා දකුණේ සිංහල සහ කිස්ත්‍රියාන් ජනතාවගේ පවතින විරෝධය සමග ජන බලවේගයට එල්ලවීමේ අවධානමක් පවතින බැවින් එය සමනය කර ගැනීමේ අරමුණින් මෙම බදුර්දීන් හංගා තැබීමේ කටයුතු සංවිධායක මංණ්ඩලය විසින් සිදුකරන බවයි.
(Lanka Leads)