Sunday, January 18, 2026
Follow Us
යාපනයට හා මඩකලපුවට ‘පොහොට්ටුව’ නැහැ – සෑම දිස්ත්‍රික්කයකටම මුස්ලිම් ලැයිස්තුවක්!

ඉදිරි මහ මැතිවරණදී යාපනයට හා මඩකළපුව දිස්ත්‍රික්කවලට ‘පොහොට්ටුව ‘ලකුණින් ඉදිරිපත් නොවීමට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය තීරණය කර ඇතැයි එම සන්ධානයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව, යාපනයට හා මඩකලපුව දිස්ත්‍රික්කවලට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය වෙනත් පොදු ලාංඡනයක් යටතේ ඉදිරිපත්වීමත්, එම දිස්ත්‍රීක්ක දෙකෙහි සංවිධාන කටයුතු සන්ධානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පැවරීමටත් තීරණය කර ඇතැයි පැවසේ.

එසේම, සෑම දිස්ත්‍රීක්කයකටම මුස්ලිම් ජාතිකයින් ගෙන් සැදුම්ලත් ‘ස්වාධින’ කණ්ඩායම් ඉදිරිපත් කිරීමට ද ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලේකම් බැසිල් රාජපක්ෂ මේවනවිට සැලසුම් කරමින් සිටින බවද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

(Lanka Leads)