හඬපට සිදුවීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පුද්ගලයන් තමාව විවේචනය කළද මේ වනවිට ඔවුන් සියලු දෙනා ඉතා හොඳින් කතාබහ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසනවා. හඬපට සිදුවීම හේතුවෙන් ජනතාව විසින් තමා ප්‍රතික්ෂේප කරනු ඇතැයි බොහෝ දෙනා කල්පනා කළද හඬපට සිදුවීමෙන් පසුව තමාගේ ජනප්‍රියත්වය තවදුරටත් වැඩි වී ඇති බවයි ඔහු අවධාරණය කරන්නේ.
මහ මැතිවරණය සඳහා ස්වාධීනව ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් සිටියද මේ වනවිට තමාට නාමයෝජනා ලබාදීමට සජිත් ප්‍රේමදාස මහතා කැමැත්ත පළකර ඇති බැවින් මෙවරත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බවයි ඔහු පවසන්නේ.
හඬපට සිදුවීමට අදාලව රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව එජාප මහ ලේකම්වරයා ප්‍රකාශ කළේ රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා විනය පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත් මෙතෙක් එවැනි විනය පරීක්ෂණයක් පවත්වා ඇති බවට හෝ පැවැත්වීමට සූදානම් බවට හෝ වාර්තා වී නොමැත.
(LNW)