Tuesday, July 15, 2025
Follow Us
බැසිල්ගේ මොළයට මම ඊර්ෂ්‍යා කරනවා. ඒ මතක ධාරිතාව පුදුම සහගතයි - සංජීව

බැසිල් රාජපක්ෂ යනු ශ්‍රී ලංකා දේශපාලනයෙහි සිටින අසාමාන්‍ය චරිතයක් බවත් තමන් ඔහුගේ මොළයට ඊර්ෂ්‍යා කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා පවසයි.

"බැසිල් රාජපක්ෂ සමස්තයක් විදියට ලංකාවෙ දේශපාලනයේ අමුතු මිනිහෙක්. මම තාමත් ඒ මොළයට ඊර්ෂ්‍යා කරනවා. ඔහුගේ මතක ධාරිතාව පුදුම සහගතයි.

කිලෝමීටර් 2000ක් විතර ඉස්සරහා බලලා තීන්දු තීරණ ගන්න ඔහුට තියෙන හයිය සහ ඒ අවබෝධය අසාමාන්‍යයයි. මං ඔහුගේ ළඟ ඉන්න සහ මගේ පෞද්ගලිකව දේශපාලන වීරයෙක් - මගේ අංක එකේ දේශපාලන වීරයා අදටත් මහින්ද රාජපක්ෂ - ඒ වගේම බැසිල් රාජපක්ෂ චරිතය පිළිබඳව මම දකින්නේ ඔහු අසාමාන්‍ය මිනිහෙක් ලංකාවෙ දේශපාලනය ඇතුළෙ.

ඔහුට පෙනෙන දුර පේන්නෙ නෑ වෙන කාටවත්. ඒ නිසාමයි අපි අද මෙච්චර ඉක්මනට ආණ්ඩුවක් හදාගත්තේ කියන තැනයි මම ඉන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

සංජීව එදිරිමාන්න මහතා මේ බව පැවසුවේ ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

(LNW)