Sunday, January 18, 2026
Follow Us
වෙල්ගම එන්නේ අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ‘‘අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය” නමින් නව දේශපාලන පක්ෂයක් ඇරැඹීමට සූදානම් වෙයි.

මන්ත්‍රීවරයා ‘අරුණ’ට සඳහන් කර සිටියේ එම පක්ෂයේ නායකත්වය තමා දරන බවත් ප්‍රබල දේශපාලඥයන් රැසක් තමා සමග එකතු වීමට සූදානම්ව සිටින බවත්ය. පක්ෂය පිහිටුවීම සඳහා මූලික කටයුතු සියල්ල අවසන් බව පැවසූ මන්ත්‍රීවරයා තම පක්ෂයේ නිල එළිදැක්වීම නුදුරේදීම සිදු කරන බවත් කියා සිටියේය. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෙවර අනිවාර්යෙන්ම කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන බව ද කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා සඳහන් කළේය.

(Aruna)