එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගමන් මගෙහි සුවිශේෂී දිනයක් ලෙස අද (01) ඉතිහාසයට එක්වන අතර පක්ෂ අභ්‍යන්තරයේ මේ මොහොත වන විටත් නොවිසඳුණු ගැටුම් මැද ප්‍රේමදාස මහතා මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබේ.
ජනාධිපතිවරණ ප්‍රචාරක සමයේ මෙන් යළිත් වටයකින් ඔහු සිය පාක්ෂිකයින් වෙත යාම ආරම්භ කර ඇත.
තීරණාත්මක අද දවසෙත් සවස 05.00ට මැද කොළඹ එජාප ක්‍රියාකාරිකයින්ගේ හමුව මාළිගාවත්ත මන්සිල් ප්‍රජා ශාලාවේදී පවත්වා පස්වරු 07.00 වන විට සිරිකොත එජාප මූලස්ථානයට පැමිණෙන්නේ තීරණාත්මක තීන්දුවක් ද සමඟිනි.
කෙසේවෙතත් එජාපයේ මෙන්ම එජාප පාක්ෂිකයන්ගේ බලාපොරොත්තු කුමනාකාරයකට විසඳෙනු ඇත්ද යන්න පිළිබඳව අද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නිශ්චිත ලෙසම තීන්දුවකට පැමිණෙනු ඇත.
ඒ අනුව මහ මැතිවරණයේ එජාප භූමිකාව සම්බන්ධයෙන් අපට පූර්ව නිරීක්ෂණයන්ට පැමිණීමේ අවකාශය හිමිවනු ඇත.
සමඟි ජන බලවේගයද නැත්නම් වෙනත් බලවේගයක් එජාප පාක්ෂිකයා මෙහෙයවනු ඇත්ද?
(LNW)