Tuesday, July 15, 2025
Follow Us
පිල් මාරුව ඇරඹෙයි – එජාපයෙන් පිරිසක් පොහොට්ටුවට

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී නාවින්න මහතා ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව තරග කිරිමට තීරණය කර තිඛේ.

අරුණ සමග අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ පවතින අර්බුධ හේතුවෙන් පක්ෂය පිළිබද කළ කිරිම නිසා මෙම තීරණය ගත් බවයි. ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් රැසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වනු ඇති බව ද එස් බී නාවින්න මහතා සඳහන් කළේ ය.

තමන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කිරිමට නාමයෝජනා ලබා දීමට එම පක්ෂය එකග වු බව ද නාවින්න මහතා පැවසුවා. එස් බී නාවින්න මහතා ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ ව්‍යාපාරයට සහය පලකරමින් කරටයුතු කළේ ය.

(Lanka Leads)