ෙහට එළි දක්වන නව සන්ධානයේ ආරම්භක උත්සවය කඩා කප්පල් කිරීමට බලවේගයක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි සමගි ජන බලවේගයේ සභාපති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හෝමාගම පැවති ජන හමුවක් අමතමින් ඔහු කියා සිටියේ තමන් රූකඩ අගමැති අපේක්ෂකයෙකු හෝ රූකඩ නාම යෝජනා මණ්ඩල සභාපතිවරයෙකු වීමට කිසිදු සූදානමක් නොමැති බවයි.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි ජන බලවේගයේ ඉදිරි මහ මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ද අදහස් දැක්වූවා. ඒ, කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් නැගූ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.
මේ අතර සමගි ජන බලවේගයේ ලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙට රාත්‍රියේ යළි රැස්වීමට නියමිතව තිබෙනවා.
(Neth)