Sunday, January 18, 2026
Follow Us
ශ්‍රීලනිපයට චාන්ස් දෙන්න එපා, පොහොට්ටුවෙන්ම 113ක් පත් කරගන්න ඕනෑ - තාරක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ආණ්ඩු පිහිටවූ පක්ෂයක් බවත් එහෙයින් නැවත ප්‍රශ්න ඇති නොවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම මන්ත්‍රීවරුන් 113 දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගතයුතු බවත් රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අවධාරණය කරයි.

"තමුන්නාන්සෙලා දන්නවා මෙතන කණ්ඩායම් දෙකක් තිබෙනවා, එකක් තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම. අනිත් කණ්ඩායම තමුන්නාන්සෙලා දන්නවා ඒ ආණ්ඩු කරපු කණ්ඩායම.

ඒ කණ්ඩායම ආණ්ඩු කරා සහෝදරයිනි. ඒ කණ්ඩායම ගිහිල්ලා අන්තිමටම ත්‍රස්තවාදීන්ට වන්දි දෙන්න ඕනෙ කියලා ඒකටත් අත උස්සලා තමා පස්සෙ අපිත් එක්ක එකතු වුණේ සහෝදරයිනි.

එදා අපි ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ඡන්ද කරනකොට මන්ත්‍රීධුර 42ක් ජනතා විමුක්ති පෙරමුණට ගියා. ඊට පස්සෙ හැම මස් රාත්තලම ඒ කට්ටිය ඉල්ලන්න පටන් ගත්තා. මේ දේශපාලන යතාර්ථය අපි තේරුම්ගන්න වුවමනාවක් තිබෙනවා. අපි අපේ මන්ත්‍රීවරුන් 113ක් පාර්ලිමේන්තුවට පත් කළේ නැත්නම් මේ කට්ටියත් මස් රාත්තලම ඉල්ලන්න ඉඩකඩ තිබෙනවා සහෝදරයිනි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

තාරක බාලසූරිය මහතා මේ බව පැවසුවේ ඊයේ (29) කෑගල්ලේදී පැවති ජනහමුවක් අමතමිනි.

(LNW)