ජනතාවට වැදගත් වන්නේ ඡන්ද ලකුණ නොවන බවත් එක්සත් ජාතික පක්ෂය නොබෙදී එකමුතුව සිටින්නේ නම් ඉදිරි මහමැතිවරණය ජයග්‍රහණය කිරීමේ ශක්තිය එම පක්ෂයට පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.
"මේ කේක් එක ඉදව ගන්න තවදුරටත් කුළල් කාගන්නවා නම් අපි ඉතාමත් කණගාටු වෙනවා. ඒ නිසා මම කියනවා මොන කෙහෙල්මලකින් හරි කමක් නෑ, එක්සත් ජාතික පක්ෂය කැඩෙන්නෙ නැතුව ඔය පුළුල් සන්ධානයෙන් සියලු දෙනාම එකතු වෙලා ඕනෙම ලකුණකින් ජයග්‍රහණය ළඟා කරගන්න අපට පුළුවන් ශක්තියක් තිබෙනවා.
මිනිස්සුන්ට ලකුණ නෙවෙයි වැඩයි ඕනෙ. ගෙම්බාගෙන් ඉල්ලුවත් අපි ලෑස්තියි ඡන්දෙ ඉල්ලන්න. අපට ඕනෙ මේ පක්ෂය කැඩෙන්නෙ නැතුව යන්න" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
විජේපාල හෙට්ටිආරච්චි මහතා මේ බව පැවසුවේ ඊයේ (29) ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(LNW)