Tuesday, July 15, 2025
Follow Us
විදුලි පුටුවෙන් බේරාගත්තාට මහින්ද අපට පහන් පත්තු කරන්න ඕනෑ - මංගල

යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් තමන්ව විදුලි පුටුවට ගෙනයාමට ජාත්‍යන්තරය උත්සාහ දරන බව මහින්ද රාජපක්ෂ මහතා 2014 වසරේදී මැතිවරණ වේදිකාවෙන් වේදිකාවට පැවසූ බවත් ඒ තත්වය වෙනස් කරමින් ඒ මහතාව විදුලි පුටුවෙන් බේරාගත්තේත් 2015 වසරේ බලයත් පත්වූ එක්සත් ජාතික පක්ෂ රජය විසින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

"මට මතකයි අපේ ආණ්ඩුව පත් වෙනකොට ලංකාව ලෝකයෙන් කොන් වෙලා තිබුණෙ. මතකයිනෙ, පපුවට ගගහා වේදිකාවෙන් වේදිකාවට ගියා විදුලි පුටුවට ගෙනියන්න ඉන්නවාය කියලා. කෙසේවෙතත් ඇත්ත.

අපි ඒ වෙලාවෙ ජිනීවා මේ සම්මුතියට අපිත් එකතුවෙලා අනුග්‍රහය දක්වලා ඉදිරියට ගෙනියන්න අපි තීන්දුවක් ගත්තා 2015 අගෝස්තු මාසෙ. එන්න ඒ තීන්දුව නිසා තමයි, මෙන්න මේ ගිවිසුම නිසා තමයි ඇත්ත වශයෙන්ම අපි මහින්ද රාජපක්ෂ උන්නැහේව එතුමාම කියපු විදුලි පුටුවෙන් බේරාගත්තෙ. එතුමා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගෙ පින්තූරෙකට පහනක් දල්වන්න ඕනෙ. ඒ පහන පැත්තකින් මගෙත් පුංචි පින්තූරයක් දාලා මටත් පහනක් දල්වන්න ඕනෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

මංගල සමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (29) මාතර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

(LNW)