Sunday, January 18, 2026
Follow Us
හරීන් ජාතික ලැයිස්තුවෙන් එන කතාව බොරු - මද්දුමබණ්ඩාර කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු එළඹෙන මහ මැතිවරණයට තරග නොකර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වීමට තීරණය කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

එළඹෙන මහ මැතිවරණ සමයේ රට පුරා ජනහමු ඇමතීමට නියමිත බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වීමට තීරණය කර ඇති බවටයි මාධ්‍ය වාර්තා පළ වුණේ. කෙසේවෙතත් මෙතෙක් එවැනි තීරණයක් ගෙන නොමැති බව ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවා.

(Neth)