Sunday, January 18, 2026
Follow Us
කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණය අනුව අලූත් සන්ධානයේ පාලන බලය සජිත්ට

සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඊයේ පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ අනුව එම සන්ධානයේ පාලන බලය විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට හිමිවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

ඊයේ පස්වරුවේ පැවැති කෘථ්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරුණේ සමගි ජන බලවේගයේ මධ්‍යම කාරක සභාව පත් කිරීමේදී සියයට 60 ක් එක්සත් ජාතික පක්ෂයට සහ ඉතිරි සියයට 40 අනෙකුත් පක්ෂවලට ලබාදීමටයි.

මධ්‍යම කාරක සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් පත්වන සියයට 60 න් වැඩි ප‍්‍රතිශතයක් පත්කිරීමේ බලය එක්සත් ජාතික පක්ෂ නායකයාට ලබාදීමටයි එහිදී තීරණය වී ඇත්තේ.

(Neth)