හැට නව ලක්ෂයක් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදී මේ ආණ්ඩුව බලයට පත් කළේ එම්සීසී ගිවිසුම ඉරා වීසි කිරීමට මිස එය සංශෝධනය කිරීමට නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.
"අපි කිව්වා මේගොල්ලො කබරගොයා තලගොයා කරගන්න හදන්නෙ මෙහෙමයි කියලා. ජනවරම හැටනම ලක්ෂයක් දුන්නෙ ඕක ඉරලා විසික්කන්න, සංශෝධන කරන්න නෙවෙයි. හැත්තෑවක් හොඳයි, තිහක් නරකයි, තිහ අයින් කරලා මේක අස්සන් කරන්න කියලා නෙවෙයි.
දළදා වඳින්න මෙහා පැත්තෙ අයට වීසා අරන් යන්න වෙනවා, ඇමරිකන් වීසා තියෙයිද ලංකාවෙ වීසා තියෙයිද දන්නෙ නෑ, ඔන්න කියපු කතා ! දැන් අපි අහනවා ඔන්න එම්සීසී එක අස්සන් කරන්න දැන් පාර දන්න යන්නෙ ලයින් එක. දාලා මොකද්ද කියන්න යන්නෙ ? නරක වගන්ති නැත්නම් සංශෝධනය කරලා සමහර වගන්ති, ජනතාවගේ අදහස් අරගෙන - ජනමතය නෙවෙයි - පාර්ලිමේන්තුවෙත් අනුමත කරගෙන අස්සන් කරන්නම් ලු.
ආයෙ ජනමත වැඩක් නෑ. හැටනම ලක්ෂෙක ජනමතය තියෙන්නෙ ඉරලා කුණු කූඩෙට දාන්න" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (28) බත්තරමුල්ලේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(LNW)