Sunday, January 18, 2026
Follow Us
ගම්පහෙන් මට නාමයෝජනා ලැබෙනවා.. සජිත් පොරොන්දුවකුත් දුන්නා… රන්ජන් රාමනායක කියයි

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව සන්ධානය විසින් එළැඹෙන මහ මැතිවරණයේ දී තමා ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව පක්ෂ ආරංචි මාර්ග සනාථ කළේ යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා ‘දිවයින’ට ඊයේ (28 දා* ප‍්‍රකාශ කළේය.

සිය පක්ෂ සන්ධානයේ නායක සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඒ පිළිබඳව තමාට පොරොන්දුවක් ද ලබා දී ඇතැයි ද කී හෙතෙම යම් ප‍්‍රශ්නයක් ඇතිවුවහොත් පාඨලී චම්පික රණවක, එම්.ඒ. සුමන්දිරන්, සරත් මනමේන්ද්‍ර යන මහත්වරුන් ඔවුන්ගේ පක්ෂයන්ගෙන් තරග වදින ලෙස තමාගෙන් ඉල්ලා ඇතැයි ද රාමනායක මහතා පැවසීය.

තමාට ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීම වෙනුවෙන් දසතින් ආරාධනා ගලා එමින් පවතින බවත් දක්ෂ උපාය ¥තයකු ලෙස කටයුතු කිරීමට ගොස් හිරේ විලංගුවේ වැටුණ ද ජනතාව තමා කෙරෙහි තබා ඇති විශ්වාසය තවදුරටත් ශක්තිමත් වී ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

(Lanka Leads)