Tuesday, July 15, 2025
Follow Us
කෘත්‍යාධිකාරියට පෙර රනිල් - සජිත් හමුවක්!

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පෙර එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එජාප ජ්‍යෙෂ්ඨයින් අතර රැස්වීමක් පැවැත්වෙමින් තිබෙන බව වාර්තා වෙයි.

සිරිකොත පක්ෂ මුලස්ථානයේදීම එම රැස්වීමත් මේ වන විට පැවැත්වෙමින් තිබේ.

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පෙර මැතිවරණයට බිදිරිපත්විම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා මෙලෙස හදිසි හමුවක් කැඳවා ඇති බව සඳහන්.

සජිත් ප්‍රේමදාස පාර්ශවය සමඟි ජන බලවේගය යටතේ මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබුණද මෙතෙක් සලකුණ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් මෙන්ම සමස්ත එක්සත් ජාතික පක්ෂයම එක් ස්ථාවරයක නොවීම නිසා එජාපයේ මෙම අර්බුදය සමථයකට පත්ව තිබුණේ නැත.

කෙසේවෙතත් දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේත්,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේත් සම්පූර්ණ සහය සජිත් ප්‍රේමදාස මහතාට හිමිව තිබේ.

මේ වන විට සිරිකොතේ පැවැත්වෙන එජාප ජ්‍යෙෂ්ඨ හමුව දෙපාර්ශවයටම එකඟතාවකට පැමිණිය හැකි ලෙස අවසන් වනු ඇති බවයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

(LNW)