Tuesday, July 15, 2025
Follow Us
හදවත ඉල්ලා නොලැබුණු විටකදී දුරකථනයකින් ඡන්දෙට එන්නට සූදානම් !

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂය සඳහා "හදවත" ලකුණ නොලැබෙන්නේ නම් එහි මුල් පක්ෂය වන අපේ ජාතික පෙරමුණ පක්ෂයෙහි ලකුණ වන "දුරකථනය" ඒ සඳහා භාවිතා කළ හැකි බව එම පක්ෂයෙහි පූර්ව හිමිකරු වන ආචාර්ය සේනක ද සිල්වා මහතා පවසයි.

සමගි ජන බලවේගය වශයෙන් අලුතින් නම් කරන ලද්දේ අපේ ජාතික පෙරමුණ ලෙස මීට පෙර හැඳින්වුණු ලියාපදිංචි දේශපාලන පක්ෂයයි. එහි ඡන්ද ලකුණ වශයෙන් දුරකථනය ලකුණ මැතිවරණ කොමිසමෙහි ලියාපදිංචි කර තිබේ.

ඒ අනුව සමගි ජන බලව්ගය පක්ෂයෙහි ද දැනට ලියාපදිංචි ලකුණ වන්නේ දුරකථනය ලකුණම වන නිසා අවශ්‍ය නම් එම ලකුණින් මහමැතිවරණයට ඉදිරිපත් වීමේ කිසිදු ගැටළුවක් නොමැති බවයි සේනක ද සිල්වා මහතා සඳහන් කළේ.

"අපේ ජාතික පෙරමුණ" පක්ෂයෙහි නිර්මාතෘවරයා වන්නේ මංගල සමරවීර මහතාගේ මාධ්‍ය ලේකම්වරයා වන රුවන් ෆර්ඩිනැන්ඩස් මහතාය. එහි ව්‍යවස්ථාව සකස් කළේ ද "අපේ ජාතික පෙරමුණ" වශයෙන් ඊට නම් තැබුවේ ද ඒ මහතා විසිනි. අදටත් මැතිවරණ කොමිසමෙහි ලිපිගොනුවෙහි ඇත්තේ රුවන් ෆර්ඩිනැන්ඩස් මහතා විසින් සිය අත් අකුරින් ලියන ලද එම පක්ෂයෙහි ව්‍යවස්ථාවය. ඔහුගෙන් පසුව එම පක්ෂයෙහි හිමිකරු බවට පත්වූයේ ආචාර්ය සේනක ද සිල්වා මහතාය.

(LNW)