Sunday, January 18, 2026
Follow Us
රනිල් කොළඹින්, කරු ගම්පහින් ඡන්ද සටනට

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරි මහ මැතිවරණයේදී කොළඹ දිස්ත‍්‍රික්කයෙන්ද, කථානායක කරු ජයසූරිය මහතා ගම්පහ දිස්ත‍්‍රික්කයෙන්ද තරග කිරීමට සූදානම් බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

රනිල් වික‍්‍රමසිංහ සහ කරු ජයසූරිය යන මහත්වරුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යෑමට එතරම් කැමැත්තක් නැතැයි දන්වා ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය මහ මැතිවරණයට කරු ජයසූරිය මහතා ඉදිරිපත් නොවූ අතර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

(Lanka Leads)