අවසානයේදී තමන් බේරා ගත්තේ පාර්ලිමේන්තුවේ සිටින දෙමළ මිනිහෙක් බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තමන් දිගටම හොරු අල්ලන වැඩේ සිදුකරන බව ඇප ලබා පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
තමන්ට හොර මැරකම්,වංචා,දූෂණ චෝදනා කිසිවක් නොමැති හෙයින් තමන්ට බිය වීමට දෙයක්ද නොමැති බවයි රාමනායක මහතා සඳහන් කළේ.
මේ අතර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන් ස්වාධීනව ඉදිරිපත්වීමට සිටියද සජිත් ප්‍රේමදාස මහතා සන්ධානයෙන් තමන්ට නාමයෝජනා දෙන බව පවසා ඇති ඇති අතර එසේ නොවුන හොත් සුමන්තිරන් මහතා හෝ තමන්ට නාමයෝජනා ලබා දෙන බව පවසා ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
පාස්කු හොරු ඇල්ලීමට,බැඳුම්කර හොරු ඇල්ලීමට පැමිණි ආණ්ඩුව අවසානයේ රන්ජන්ව ඇල්ලූ බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
(LNW)