Friday, October 18, 2024
Follow Us
ආණ්ඩුව වහා ඉල්ලා අස්වනු ! – ජවිපෙ පාරට බසී

රට අරාජික කළ, මහජන ආරක්ෂාව බිලිදෙන ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ (12) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.

එක්සත් ජනපදය ඇතුළු ලෝක බලවතුන් ඉදිරියේ රට පාවාදෙන, බදු බරෙන් හා බඩු මිලෙන් ජනතාව පෙළන, වරාය, තෙල් ටැංකි, ඉඩම් ඇතුළු ජනතාව සතු සම්පත් විදේශයන්ට බිලිදෙන ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ එහිදී අවධාරණය කළේය.

කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට පැමිණියේ මරදාන ටෙක්නිකල් හන්දියෙන් ආරම්භ කළ විරෝධතා පාගමනකිනි.

ඒ සඳහා ජවිපෙ නායකයන්, පක්ෂ සාමාජිකයන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, කලාකරුවන්, ගොවි, කම්කරු, ශිෂ්‍ය, කාන්තා හා තරුණ බලවේග රැසක් සහභාගී වී සිටියහ.

(LNW)