Monday, July 14, 2025
Follow Us
රක්ෂණ සංස්ථාවේ ගනුදෙනුවකින් මිලියන 50ක් ’’ගොඩ ගොවිතැන් හේවා’’ කෙනෙකුට යනවා - අනුර

මෙරට ප්‍රධාන පෙළේ ඉදිකිරීම් සමාගමක කොටස් මිලදී ගැනීමට රක්ෂණ සංස්ථාව සූදානමින් සිටින බවත් අධි මිලට සිදු කිරීමට නියමිත මෙම කොටස් ගනුදෙනුවෙන් රුපියල් මිලියන 50ක් පමණ ප්‍රමාණයක් "ගොඩ ගොවිතැන් කරන හේවා" කෙනෙකුට ලැබෙන්නට නියමිත බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

"මේ දවස්වල ගනුදෙනුවක් සාකච්ඡා වෙමින් තියෙනවා. ලංකාවෙ ප්‍රධාන ඉදිකිරීම් සමාගමක කොටස් මිලියන 35ක් කොටස් වෙළඳපොලේ විකුණන්න යනවා. ඒ කොටස් මිලියන 35ම මිලදී ගන්න යනවා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව.

සාමාන්‍යයෙන් කොටසක් තිබ්බෙ රුපියල් 21ට. දැන් මේ වෙනකොට ඒක වැඩිකරලා තියෙනවා 24ට. අතිරේක රුපියල් 3ක් දීලා මේක ගන්න යන්නෙ. මිලියන 35ක්, රුපියල් 3 ගාණෙ, මිලියන 105යි. බාගයක් යනවා "හේවා" කෙනෙකුට. ගොඩ ගොවිතැන් කරන හේවා කෙනෙකුට. මං ඒක කියන්නෙ නැත්තෙ තාම ගියපු නැති නිසා. නැත්තං නම කියනවා.

ඉතිං තමුන්නාන්සෙලා හිතනවද මේවා මේ රටේ මහජන දේපළ කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන පාලකයින්ට මේ රට හදන්න පුළුවන්ද ? හදන්න බෑ !" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පැවති ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

(LNW)