එක්සත් ජාතික පක්ෂය මේ මොහොතේ ඉතාම එකමුතුභාවයකින් යුතුව කටයුතු කිරීමට සූදානම් වෙද්දී ඇතැමුන් ඊට බාධා කරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා චෝදනා කරයි.
"එක්සත් ජාතික පක්ෂය මේ අවස්ථාවෙදි ඉතාමත් එකමුතුභාවයකින් ගමන් කරන්න කටයුතු කරලා තියෙනවා. නමුත් ඒ කරගෙන යන අවස්ථාවේදී අපට පේනවා යම් අය මේකට ප්‍රශ්න ඇති කරන ගමනක් ඇති කරන්න පටන් අරගෙන තියෙනවා.
දැන් මම කොළඹ දිස්ත්‍රික්කයෙ නායකයා වශයෙන් - හෙට කොළඹ දිස්ත්‍රික්කයෙ රැස්වීමක් ගැන පුරපති දැනුවත් කරලා තියෙනවා - මට දැනුවත් කරන්නෙ නැතුව. මම කොළඹ දිස්ත්‍රික්කයෙ නායකයා වශයෙන් මට දැනුවත් කරන්නෙ නැතුව නාගරික මන්ත්‍රීවරු කොටසක් ගෙන්නගෙන, එතන ජනතාවට එන්න කියලා, මේ විනය කඩලා තියෙන කටයුත්තක්.
මට නම් හිතෙන්නෙ ඔය පැරෂුට්කාරයෝ මේක දෙදරවන්න හදනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
රවී කරුණානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (22) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(LNW)