Monday, July 14, 2025
Follow Us
පාර්ලිමේන්තුව දින 9කින් ඈවර කරනවා. 9 නපුරුවෙයි සමහරුන්ට - ඩලස් අනතුරු හඟවයි !

වත්මන් පාර්ලිමේන්තුව තවත් දින නවයකින් ඈවර කරදමනු ඇති අතර නවය සමහරුන්ට නපුරු විය හැකි බවට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (21) අනතුරු හඟවා සිටියේය.

"මේ අපේ සල්ලි නෙවෙයි එකක්වත්. ලඟම පාසල හොඳම පාසල කියනා පහුගිය කාලෙ ව්‍යාපෘතියක් තිබ්බනෙ. ඒකට විතරක් තියෙනවා ඇමතිතුමා මිලියන 6000ක්. බිලියන 6ක් තියෙනවා බිල් ගෙවන්න. දැන් බිල් ගෙවන්න විදියක් නෑ.

මේ පාර්ලිමේන්තුව දැන් ඉවරයි. නිල වශයෙන් ඈවර කරාවි තව දවස් නවයකින්. නවය නපුරු වෙයි සමහරුන්ට. ඒනිසා අපි ඉල්ලීමක් කරනවා, මේ රට වෙනුවෙන් රටට ආදරේ කරන තීන්දු ගන්න" යනුවෙනුයි ඒ මහතා ප්‍රකාශ කළේ.

ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ ඊයේ (21) මාතර මාලිම්බඩ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

(LNW)