Monday, July 14, 2025
Follow Us
පාර්ලිමේන්තුව විසුරුවලා ජනාධිපතිට සල්ලි ගන්න පුළුවන් - මෛත්‍රී දැනුම දෙන්න පටන් ගනී !

පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවෙහි සම්මත නොවුණ ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව එම මුදල් ලබාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බලය හිමිවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

"දැන් මේ විදියට පාර්ලිමේන්තුවක් යන්න බෑ. දැන් පාර්ලිමේන්තුවේ කාලය ඉවරයි. ඊයෙ අවසාන දවස. ඒනිසා මාර්තු මාසෙ මුල පාර්ලිමේන්තුව විසිරෙව්වට පස්සෙ, විශේෂයෙන්ම ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත කරන්න බැරි වෙච්ච මුදල්, පාර්ලිමේන්තුව විසිරෙව්වට පස්සෙ ජනාධිපතිතුමාට බලය තියෙනවා ගන්න" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (21) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට පෙර පවසා තිබුණේ දේශපාලනයෙහිදී තමන්ට ලබන්නට දෙයක් නොමැති බවත් තම දැනුම සහ අත්දැකීම් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීම සඳහා තමන් දේශපාලනයෙහි රැඳී සිටින බවත්ය. ඒ අනුව ඒ මහතා තම දැනුම දැන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන්නට පටන් ගත් බවක් පෙනේ.

(LNW)