Monday, July 14, 2025
Follow Us
ඡන්දෙට වියදමට පරිපූරක ඇස්තමේන්තුව ගෙනාපු බව ආණ්ඩුවම ඔප්පු කළා - ජවිපෙ

ආණ්ඩුව පරිපූරක ඇස්තමේන්තුවක් මඟින් බිලියන ගණනාවක මුදලක් ලබාගැනීමට උත්සාහ කළේ මැතිවරණය වෙනුවෙන් වියදම් කිරීමටය යන්න ඒ පරිපූරක ඇස්තමේන්තුව හකුළා ගැනීමෙන්ම ඔප්පු වුණු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

"ආණ්ඩුව බලයට පත් වෙච්චි ගමන් බදු අඩු කරනවා කියලා කිව්වා. බදු අඩු කිරීම නිසා ආණ්ඩුවට අපේක්ෂිත ආදායම බිලියන 484ක් අහිමි වෙලා තියෙනවා. සල්ලි තියෙන නිසා තමයි බදු අඩු කරනවා කියලා කිව්වෙ. එතකොට දැන් මොකක්ද කියන්නෙ සල්ලි නෑ කියලා ?

ඊයෙ ඉදිරිපත් කරපු යෝජනාව ආණ්ඩුව විසින්ම ආපහු හකුළා ගනු ලැබුවා. ඉතින් ආණ්ඩුවට ඒක සම්මත කරගන්නම වුවමනාවක් තිබුණා නම් ඇයි හකුළා ගත්තෙ ? හකුළා ගැනීම තුළින් පෙන්නුවේ තමන්ට ඡන්දෙට වියදම් කරන්න සල්ලි හොයාගන්න තමයි වුවමනා වෙලා තිබුණෙ, ඒක සාර්ථක වෙන්නෙ නෑ කියලා තේරුණාට පස්සෙ ඔවුන් විසින්ම හකුළා ගැනීමක් තමයි කළේ කියන එක" යනුවෙනුයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේ.

විජිත හේරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පැවති ජවිපෙ මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)