Monday, July 14, 2025
Follow Us
පොහොට්ටුවේ නායකයින් සෙසු පක්ෂ කොටු කරයි – සන්ධානය හැදුවත් ඡන්දය ඉල්ලන්නේ පොදුජන පෙරමුණ පක්ෂයෙන්

පොදුජන පෙරමුණේ නායකයින් පසුගිය 17 වැනි දින කඩිමුඩියේ එක් දිනක් ඇතුලත ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය නමින් දේශපාලන සන්ධානයක් හැදුවත් ඡන්දය ඉල්ලන්නේ පොදු ජන පෙරමුණ පක්ෂයෙන් බව ඉරිදා දිවයින පුවත්පතේ මාධ්‍යෙවේදී අනුර බාලසුරිය සහ අරුණ බෝගහවත්ත වාර්තා කරයි.

ඒ පිළිබඳව අදහස් දැක්වූ නම සඳහන් කිරීමට අකමැති සන්ධානයේ දේශපාලන නායකයෙකු පවසන්නේ එය සිදුවිය හැකි දෙයක් බවය. ඔහුට අනුව හදිසියේ සන්ධානයක් හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සෙසු පක්ෂ එක්වී ජාතිකවාදී වාමවාදී සන්ධානයක් හැදීම වැළැක්වීමටය.

දැන් නමට හෝ සන්ධානයක් හැදුව නිසා ඔවුන්ට සන්ධාන බැහැ. අන්තිම මොහොතේ පොහොට්ටුව ලකුණින් පොදු ජන පෙරමුණ පක්ෂයෙන් ඉල්ලන්න වෙනවා. කුඩා පක්ෂ වලට තනි තනිව විවිධ දිස්ත්‍රික්ක වලට අපේක්ෂකයින් ඉදිරිපත් කළ හැකි බවට මත පළවන්නේ ඒ නිසයි. ඒ ඔහුගේ විග්‍රහය.

(Lanka Leads)