Monday, July 14, 2025
Follow Us
එජාපයත් වෙනස් වෙමින් අලුත් ගමනක් යා යුතුයි – පාඨලී

කාලයත් සමඟ වෙනස් වෙමින් ඉදිරියට යාමෙන් තොරව එක්සත් ජාතික පක්ෂයට කිසි දිනක බලය ලබාගත නොහැකි බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි.

ඊයේ පස්වරුවේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

දේශපාලන පක්ෂයක ප්‍රධාන අරමුණ බලය ලබා ගැනීම බවත් බලයක් නැතිනම් පක්ෂයක අතීතය හෝ අන් කිසිවකින් ඵලක් නැති බවත් ඒ මහතා පවසයි.

ඒ සඳහා විවිධ පක්ෂ විවිධ කාලවලදී වෙනස් වෙමින් ඉදිරියට පැමිණ ඇති බවත් ඒ ආකාරයෙන්ම එක්සත් ජාතික පක්ෂයත් වෙනස් වෙමින්, අලුත් වෙමින් ඉදිරියට ගමන් කළ යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

(Lanka Leads)